Colombo Today Local News

කොළඹ – පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධයක්

කොළඹ – පුත්තලම මාර්ගය මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ලොරි රථ රියදුරන් පිරිසක් අද උදෑසන විරෝධතාවක් ආරම්භ කර ඇත.

ඉන්ධන පිරවුම්හල අසලින් මාර්ගය හරස් කරමින් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා පිරිසක් විරෝධතාවයේ නිරත වන බව පොලිසිය පවසයි.

දින පහක සිට ප්‍රදේශයේ ලොරි රථ රියදුරන් මෙලෙස ඉන්ධන පිරවුම්හල අසළ දිගු පෝලිම්වල රැඳී සිටින අතර ඔවුන් අද පෙරවරුවේ මහා මාර්ගයේ බිම වාඩිවෙමින් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂනයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

මේ වන විට මදුරන්කුලිය පොලීසියේ මැදිහත් වීමෙන් තත්වය පාලනය කිරිමේ කටයුතු සිදුකරන බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

Related posts

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin

ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු සම්මානය

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin

වැලිසර ප‍්‍රධාන නාවික හමුදා කදවුරේ කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමට තවත් මාසයක කාලයක්

colombotoday

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday