Colombo Today Local News

‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා රැසක්

පුද්ගලයන් අයථා ආකාරයට අන්‍ය ආගම්වලට බඳවා ගැනීම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැඩිව ක්‍රියාත්මක වන හෙයින් එය නැවැත්වීමට වහාම නීති සම්පාදනය කරන්නැයි ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයෝ රැසක් එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඊයේ (27)දින ඉල්ලීමක් කළහ.

ඒ කාරණය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ පිරිසට කන්තලේ රාහුල, මැදිරිගිරියේ සීවලී, අලුත්වැවේ පේමරතන, දොම්පේ ශාන්ති විහාරී, දිඹුලාගල රාහුල යන හිමිවරු සහ ඥානරත්නම් කුරුක්කල්තුමා ඇතුළු හින්දු භක්තිකයන් නියෝජනය කරන පිරිසක්ද ඇතුළත් වූහ.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු මැද පළාතේ මහජන අදහස් විමසීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පෙරේදා (27)දින රැස්විය.

එම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ජනතාව එම කමිටුව හමුවේ මෙහිදී අදහස් දැක්වූහ.

මේ අතර පොළොන්නරුව ජල ගැලුම් නිම්නය වනෝද්‍යානය ඇතුළු රටේ සියලු ජාතික වනෝද්‍යාන ආරක්ෂා විය යුතු බවත් වන සංහාරයට එරෙහිව සියල්ලන්ටම සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් නිකපිටියේ චන්දිම හිමියෝ පෙන්වා දුන්හ.

වැලි ජාවාරම්වල නිරත වන පුද්ගලයන්ට හා ඔවුන්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව නිරෝෂණී සුනේත්‍රා කුමාරි මහත්මිය පැවසුවාය.

වැලිමංකඩ බෙදාදීමේදී ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛතාව ලැබිය යුතු බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මුදලට යටවීම වැළැක්වීමට පියවර ගත යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

යුධ සමයේදී සිය ගම් බිම් අතහැර ගිය ජනතාව නැවත පදිංචි කරවීමේදී ඉඩම් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවීම සහ වැලිකන්ද වැනි ප්‍රදේශවල ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉඩම් බලතල, තමා අයත් ජන වර්ගයට විශේෂ පක්ෂපාතීත්වයක් සහිතව ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව, විහාරස්ථාන හා කෝවිල් වැනි ආගමික ස්ථානද දැඩි පීඩනයකට පත්ව සිටින බව තවත් පිරිසක් පෙන්වා දුන්හ.

රටේ සෑම දරුවකුටම පොදු අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත්, ඉඩම් නීතිය, පරිසර නීතිය, මාර්ග නීති ආදී නීති සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවත්, වන සංහාරය හා ඉඩම් කොල්ලය මුවාවෙන් සිදුවන ආගමික අන්තවාදය පැතිරීමට ඉඩ නොතැබිය යුතු බවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ වෙනත් ආගමික නායකයෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

මේ අවස්ථාවට ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝද එහි සමාජිකයන්වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, වෛද්‍ය සුජීව පණ්ඩිතරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල යන මහත්වරු සහ එහි ලේකම් ජීවන්තී සේනානායක මෙනවියද සහභාගී වූහ.

Related posts

පවතින අක්ෂි කාච ප්‍රමාණවත් සතියකට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

Admin

රුපියල යළි නැගිටියි !

colombotoday

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

උතුරට රැකියා දෙන්න පුදුකුඩුඉරිප්පු ඇගළුම් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

colombotoday