Colombo Today Local News

යල කන්නයේදී පළිබෝධනාශක මිල 100%කින් ඉහළට

යල කන්නයේදී පළිබෝධ නාශක වර්ගවල මිල සියයට සියයකින් පමණ ඉහළ යනු ඇතැයි පළිබෝධනාශක ආනයනය කරන සමාගම්වල නියෝජිතයෝ පවසයි.

රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යෑමත්, ඩොලර් සොයාගැනීමට ඇති අපහසුතාවයත් හේතුවෙන් යල කන්නය වන විට පළිබෝධනාශක හිඟයක්ද ඇතිවනු ඇතැයි ඔවුහු සඳහන් කරති.

තවද යල කන්නය වන විට යූරියා පොහොර කිලෝග්‍රෑම් පනහේ ඇසුරුමක මිලද රුපියල් විසිපන්දහස ඉක්මවා යනු ඇතැයි එම සමාගම් අපේක්ෂා කරයි.

චීනයෙන් වැඩි වශයෙන් පොහොර ආනයනය කළද මේ වන විට චීනය ද අනෙකුත් රටවලට පොහොර අපනයනය සීමා කර ඇතැයි අනාවරණය වේ.

රසායනික පළිබෝධනාශක සහ පොහොර හිඟය හේතුවෙන් මෙවර මහ කන්නයේ සිදුවූ අස්වනු හානිය සියයට හතළිහත්, පනහත් අතර ප්‍රමාණයක් බවට ගණන් බලා ඇති අතර, ඉදිරි යල කන්නයේ අස්වනු හානිය ඊට වඩා වැඩිවනු ඇතැයිද සමාගම් නියෝජිතයෝ කියති.

යල කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ පහක පමණ වී වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

රසායනික පළිබෝධනාශක හිඟය හේතුවෙන් තහනම් කරන ලද පළිබෝධනාශක වර්ග පවා මේ දිනවල වෙළෙඳපොළේ අලෙවි කළද ඒවා වැටලීමක් සිදු නොවන බව පාරිභෝගිකයෝ පවසති.

Related posts

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

සමර්හිල් වතුයායේ දී මිය ගිය කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

colombotoday

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මියි | මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

colombotoday

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

colombotoday

රවී කරුණානායකගේ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද – නැද්ද තීරණය ජූලි 07

colombotoday

හෙට සිට අළුත් රූපවාහිනී නාළිකාවක්

colombotoday