Colombo Today Local News

අසාද් සාලි වන්දි ඉල්ලු පෙත්සම විසි වෙයි

මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප‍්‍රකාශ කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාගෙන් වන්දි අයකර දෙන්නැයි අසාද් සාලි මහතා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද(23)දින ප‍්‍රතිෙක්‍ෂප කළේය.

අසාද් සාලී මහතාට එරෙහිව මෙම නඩුවට පාදක වු සිද්ධිය පිළිබඳව පොලිසියට ද්වේෂ සහගතව පැමිණිලි කළ හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරුන් වන මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණි ජයනන්ද වලේබොඩ යන මහත්වරුන්ගෙන් අපරාධ නඩු විධධාන සංග‍්‍රහයේ 17 (2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන්නැයි අසාද් සාලී මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත‍්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එම ඉල්ලීම ප‍්‍රතිෙක්‍ෂප කළේය.

මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප‍්‍රකාශ කළ බවට චෝදනා කරමින් අසාද් සාලි මහතාට එරෙහිව පවරා තිබු නඩුව විභාග කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිුරුවරයා විත්තියේ සාක්කි කැඳවීමකින් තොරවම අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කෙරිණ.

Related posts

ජනපති කොමිසමෙන් බන්දුලට අවවාද !

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

colombotoday

“සංහිදියාව” එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් – චම්පික යලිත් ජාතිකවාදයට

colombotoday

රන් මිල තවත් ඉහළට

colombotoday

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday