Colombo Today Local News

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 17.5 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය ජනවාරි මස පැවැති උද්ධමනය සියයට 16.8ක් විය. පෙබරවාරි මාසයේ සියයට 17.5ක උද්ධමනය සඳහා ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් වැඩිවීම හේතු වී ඇත. මේ අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 24.4 සිට සියයට 24.7 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 10.2 සිට සියයට 11 දක්වා ද ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ආහාර කාණ්ඩය තුළ ඇති සහල්, පරිප්පු, කිරිපිටි, පළතුරු, පොල්, මිරිස් කුඩු, තිරිඟු පිටි, රතු ලූනු, පොල්තෙල්, මාළු, කරවල, වියළි මිරිස්, කුකුල් මස්, තුනපහ කුඩු, පාන්, සීනි සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීම පෙබරවාරි මස ආහාර උද්ධමනය සියයට 24.7 දක්වා වැඩිවීමට හේතු වී තිබේ. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21දා* පෙබරවාරි මස උද්ධමන අගයන් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය.

මේ අනුව පෙබරවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය ඒකක 167.8 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය ජනවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශක අගය ඒකක 166ක් විය.

Related posts

ආණ්ඩුවේ දැනට කැබිනට් ඇමතිලා 47යි, රාජ්‍ය ඇමතිලා 20යි, නියෝජ්‍ය ඇමතිලා 25යි.. තව ඇමතිවරු මග එනවා

colombotoday

විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

colombotoday

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

Admin

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ Lanka e News මඩ අඩවියට බොදු බලෙන් පිළිතුරු

colombotoday

මංගල සමරවීර, LTTE ඩයස්පොරාව සමග මෙල්රෝස් හෝටලයේ රහස් සාකච්ඡා !

colombotoday