Colombo Today Local News

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් භාර වූ බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා පවසයි.

එලෙස භාරවී ඇත්තේ අද පෙරවරුවේ කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයාගේ පියා සහ සහෝදරයෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයා තුවාල ලැබීම හේතුවෙන් කලුබෝවිල ශීක්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර තුවාල වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් නිලධාරියකු සදහන්කරයි.

රියදුරාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ මව හා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි.

Related posts

මිහින්තල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

“මංතීරුව කැඩුවේ පාර පළල් කරන්නයි.. පස්සේ සුපිරි මංතීරුවක් හදනවා” මෙගා පොලිස් අමාත්‍යාංශය

colombotoday

අධිකරණ තීන්දුව නිසා ගුවන්තොටුපලේ දිගු පෝළිම්

Admin

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin

ඌව මහඇමති විදුහල්පතිනියට තර්ජණය කර දණගසා වන්දවාගනී (Video)

colombotoday

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin