Colombo Today Local News

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරැඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල කිසිවෙකු විසින් ඊයේ (06)දින සොරා ගෙන ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.

සොරා ගන්නා ලද මෙම ඓතිහාසික වටිනා කමකින් යුක්ත සිරිපතුල අඩි දෙක හමාරක් දිග,අඩි දෙකක් පළල,අඩි දෙකක් උසින් යුක්ත බවත් එහි ලියවැල් කොට තිබු බවත් කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරාධිපති පුජ්යි තෝනිගල සීලරතන හිමියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.

විහාරස්ථානයේ ආවස ගෙය අසළ නුගගසක් අසල තිබියදි මෙම සිරිපතුල විහාරාධිපති හිමියන් වහන්සේ නොසිටි අවස්ථාවකදි කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිරිපතුල සොරාගත් අයෙක් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවි නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බි.රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

Related posts

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday

ජාවාරම් කරුවන් අල්ලන්න ගිය පොලීසියේ තුනකට දෙබර ප්‍රහාරයක්

Admin

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – “ගැප්” ක්‍රමයට ණය ගන්න රජය තීරණය කරයි

colombotoday

මම තරම් කඩිසර, නිර්මාණශීලී දාර්ශණිකයෙක් තවත් නෑ… ජනතාවගේ වීරයා මමයි – සජිත්

colombotoday

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

colombotoday