Colombo Today Local News

නව මහාධිකරණ විනිසුරුවරුන් 13කට ජනපති අතින් පත්වීම්..

නව මහාධිකරණ විසුරුසුරුවරුන් 13 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පත්වීම් ලිපි ප්‍රදානය කළේ ය.

ඒ අනුව දිසා විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ඒ.ජී. අලුත්ගේ ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා , ටී.එම්.සී.එස්. ගුණසේකර , එම්. ප්‍රභාත් රණසිංහ , ආර්. වැලිවත්ත ඒ. නිශාන්ත පීරිස් , එස්.එම්.ඒ.එස්. මංචනායක හා එල්.චමත් මදනායක යන මහත්වරුන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

මීට අමතරව ප්‍රධාන මහේස්ත්‍රාත් ආර් එම්. එස්. බී. චන්ද්‍රසිරි හා මහේස්ත්‍රාත්වරුන් වන ආර් , ඒ. ඩි. යු. එන් රණතුංග, මෙන්ම ජී. එල්. ප්‍රියන්ත මහත්වරුන් ද අද පත්කළ මහාධිකරණ විනිසුරුවරුන් අතරට ඇතුළත් ය.

ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරුන් වන වී. එම්. වීරසුරිය හා එච්.ඒ.ඩී.එන්. හේවාවසම් යන මහත්වරුන් ද නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර ඇති බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීමත්, නඩු කටයුතු ප්‍රමාදය වැළැක්වීමත් තම අපේක්ෂාව බව මෙහිදී විනිසුරුවරුන් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

Related posts

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිලට

colombotoday

අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට. දැඩි රථවාහන තදබදයක්

colombotoday

දමිතා අධිකරණයට රැගෙන එයි

Admin

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

colombotoday

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

colombotoday