Colombo Today Local News

ඉන්ධන නැති නිසා බස් ගමන්වාර සියයට 50 කින් අඩු කරයි

ඉන්ධන හිඟය හේතුවෙන් අද (28)දිනයේ සිට පෞද්ගලික බස්රථවල ගමන්වාර ප්‍රමාණය සියයට 50 කින් අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව කාර්යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් බස් රථ ධාවනයට පියවර ගන්නා බව ද ඔහු පවසයි.

අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි.

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු පිට පලාත් බස් රථ සේවා වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

අප්‍රේල් පළමුදා සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5%ක බද්දක් අයකරලා

colombotoday

“සමස්ත ජාතියම මහා තිගැස්මකට ලක්වෙලා” – හිටපු ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

සන්ධාන මන්ත්‍රීහූ හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

colombotoday

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

colombotoday

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin