Colombo Today Local News

හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි, ජනපතිගෙන් උපදෙස්

සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි අද(17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

හෙද විශ්වවිද්‍යාල ඇරඹීම, දෙවන ශ්‍රේණියේ සිට පළවන ශ්‍රේණියට උසස් කිරීම් පෙර දාතමින් සිදු සිදු කිරීම, පැය 36 ක්ව පවතින රාජකාරී කාලය සතියට දින 05ක රාජකාරියක් ලෙස පැය 30 ක් ලෙස සැලකීම ඇතුළු හෙද වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය.

උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් ලබා දුන්නේ ය.

එහිදී අමරතුංග මහතා සඳහන් කළේ, අප්‍රේල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැයි මාසය අවසන්වීමට පෙර හෙද විශ්වවිද්‍යාල ඇරඹීමටත් කටයුතු කරන බවයි.

හෙද නිලධාරින් දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම් පෙර දාතමින් සිදු කිරීමට සහ නිල ඇඳුම් දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ජනාධිපතිවරයා මුදල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ ය.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි ?

colombotoday

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

colombotoday

සදුදා අලුත් ආණ්ඩුවක්… අලුත් අගමැති ගැන තීරණය දින දෙකකින්…

colombotoday

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති

colombotoday