Colombo Today Local News

අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

සිවිල් ක්‍රියාකාරි ෂෙහාන් මාලක ඇප මත මුදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය දා මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පානදුර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබිණ.

ඒ සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු විමසීමෙන් අනතුරුව ඔහු ලබාදුන් නීති උපදෙස් අනුව ෂෙහාන් මාලක අපරාධ වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

Related posts

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්. – ජාතික ගොවිජන එකමුතුව

colombotoday

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

Admin

බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

colombotoday

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday