Colombo Today Local News

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට අවශ්‍ය බැනර් එකසිය පනහක් මුද්‍රණය කිරීමේ කටයුතු නිසි පරිදි ඉටු නොකළ බව කියමින් එම කොන්ත‍්‍රාත්තුව බාරගත් මුද්‍රණායතනයක විදුලිය සිඳලූ සිද්ධියක් සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

විදුලිබල මණ්ඩල ඉංජිනේරුවකු විසින් මෙම මුද්‍රණ කටයුත්ත බාරදී ඇත්තේ රත්නපුර, කුරුවිට ප‍්‍රදේශයේ මුද්‍රණාලයකටය.

ඉකුත් මස 18 වැනිදා පැවති ලංවිම ඉංජිනේරු උද්ඝෝෂණයකට අවශ්‍ය කටවුට් හා අත්පත‍්‍රිකා තොගයක් නිවැරදි ලෙස මුද්‍රණය කර නොදුන් බව කියමින් එම මුද්‍රණ ගාස්තු ගෙවීමද ඉංජිනේරුවරයා ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

පසුව එදිනම මුද්‍රණාලයේ විදුලිය විසන්ධි කර දැමීමට ඉංජිනේරුවරයා ක‍්‍රියාකර ඇත්තේ රුපියල් 6400 ක හිග බිලක් ගෙවීමට ඇති බව කියමිනි. පසුව මුද්‍රණාලය හිමිකරු රුපියල් 7000 ක් ගෙවා දැමුවත් දින දෙකක් යනතුරු යළි විදුලි සම්බන්ධතාව ලබාදී නැත.

මේ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන්ට හා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි කර ඇත්තේ ඊට පසුවය. මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසූ බව ‘‘දිවයින’’ පුවත්පත වාර්තා කර ඇත.

Related posts

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

ත්‍රී වීල් ගැන තීරණයක්

Admin

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

colombotoday

මාස 5ක දරුවා වඩාගෙන කුඩු බොන්න සිඟමනේ ගිය කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

Admin

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin