අලුත්ගම මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට අවට සිටි පිරිස් සමත්ව තිබේ.
එහිදී 16 හැවිරිදි වියේ පසු වූ සිසුවෙකු අතුරුදන්ව ඇති බව වාර්තාවේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කළුවාමෝදර ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.