Colombo Today Local News

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

හොරණ තිබ්බොටුගොඩ ප්‍රදේශයේ පිහිටි සමූපකාර බැංකු ශාඛාවක් කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි වාර්තා වේ.

අද (02) අලුයම් කාලයේ දී කිසියම් පිරිසක් විසින් බැංකුවෙහි ඉදිරිපස දොරටුවේ අඟුළු කඩා ඇති බව පොලීසිය පවසයි.

බැංකු සේවකයින් කිහිපදෙනෙක් බැංකුව විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි ඉදිරිපස දොර විවෘතව ඇති බව දැක පොලීසියට දැනුම් දී තිබේ.

ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එහිදී සොරුන් ඉදිරිපස දොරින් ඇතුළු වී සේප්පු කාමරය දක්වා ගොස් ඇතැයි තහවුරු වී තිබේ.

එසේ වුවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, බැංකුවේ රන් භාණ්ඩ හා මුදල් තැන්පත් කර ඇති සේප්පුවලට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin

වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය 2017 වසරේ.. සංගණන වාර්තාව ඉවත්කරගනී…

colombotoday

රටටම හොරෙන් අගමැති රනිල් ඇමරිකාවත් එක්ක ගහපු ගිවිසුම මෙන්න…

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න..

colombotoday

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ – විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday