Colombo Today Local News

සතොස සහල් මිල අඩු වෙයි

සතොස හරහා අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රුපියල් 130කට සතොස අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් අද (29)දිනයේ සිට රුපියල් 128කට අලෙවි වනු ඇත.

සහල් තොග මිල සොයා බැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.

එහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“සතොස නාඩු සහල් රුපියල් 105යි. අද සිට සම්බා 128යි. කිලෝ 10ක් පාරිභෝගිකයා ට දෙනවා. වරායේ තවත් සහල් විශාල තොගයක් තියෙනවා හිර වෙලා. ඒ ටිකත් ආවොත් වෙළෙඳපොළේ සහල් මිල තවත් අඩු වෙයි.”

Related posts

වැල්ලවත්තේ මහල් නිවාස සංකීරණයකින් වැටී පුද්ගලයෙකු මරුට

colombotoday

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක්

colombotoday

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

colombotoday

ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට

colombotoday

රාජ්‍ය සේවක අනිවාර්ය විශ්‍රාම වයස 65 කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

තිරසාර සංවර්ධන පනත උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කරයි

colombotoday