Uncategorized

ගාලු පුරයටත් සංචාරක වරාය නගරයක්

ගාල්ල වරාය සංවර්ධනය කර සංචාරකයින් සඳහා එම වරාය වැඩිදියුණු කිරීමට ආයෝජකයින්ට ආරාධනා කිරීමේ සමුළුවක් පවත්වා තිබේ.

වරාය හා නාවික අමාත්‍යරෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පැවැත්වුණි.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා,

“පසුගිය මාසයේ අපිට පුළුවන්කම ලැබුණා නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භකරන්න. පෙබරවාරී මාසයේ බටහිර පර්යන්තයෙත් වැඩ පටන්ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වරාය ක්ෂේත්‍රයේ අපි කරන මෙහෙයුම්වල 100%ක් ධාරිතාව වැඩිකරන්න. ගාල්ල වරාය අපි සඳහන් කළා, මෙය සංචාරක වරායක් බවට වැඩිදියුණු කරනවා කියලා. ඒ අනුව තමයි අද දවසේදී දේශීය සහ විදේශිය අයෝජකයින් කැදෙව්වේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා නව දියකඩනයක් ඉදිකරන්න. ඒ දියකඩනය ඉදිකිරීමත් සමග වරාය නගරය හා සමානව හෙක්ටයාර 40ක භූමියක් අපිට ලැබෙනවා. කොළඹ වරාය නගරය හා සමානවම ගාලු පුරවරයේ පෞද්ගලික ආයෝජකයින් විසින් සාප්පු සංකීරණ, හෝටල් මේ සියල්ල ඉදිවෙනවා.”

මේ අතර සංචාරක ක්ෂේත්‍රෙය් විදෙස් ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව රජයේ ආයතනවලින් අවශ්‍ය සේවා ලබාදීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරිය හා තවත් රාජ්‍ය ආයතන 08ක් අතර අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීමේ අවස්ථාවකට ඊයේ (26)එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රෙය් විදේශ ආයෝජනයන්ට අවශ්‍ය රාජ්‍ය ආයතන අනුමැතිය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදය වළක්වාලීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය හා තවත් රාජ්‍ය ආයතන 08ක් ඊයේ අවබෝධතා ගිවිසුමකට එළඹුණි.

මේ යටතේ පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ධීවර සහ සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යන ආයතන සමග සංචාරක සංවර්ධන අධිකාරිය ගිවිසුමකට එළැඹ තිබේ.

Related posts

සෞදියේ මරණයට කැප වූ ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමසක්, ඔබත් අත්සන තබන්න

colombotoday

අය-වැය ඡන්ද විමසීම අප්‍රේල් 04 දා

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin