නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ, ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටින බවයි.
අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට අහිමිවූ මෙගාවොට් ප්‍රමාණය 300 කි.
කඩිනමින් එය පණගැන්වීමට සැලසුම් කර ඇති බව ද විදුලිබල මණ්ඩලය පවසයි.