Colombo Today Local News

“කිසිම සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා”

ඉදිරි අවුරුදු තුන රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ වචනයක්වත් සඳහන් නොවූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි,

රටේ පවතින අර්බුද, ජනතා ගැටලු සම්බන්ධයෙන් එහි කිසිදු අවධානයක් යොමු කර නොතිබූ බවත් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

කොලඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“ජනාධිපතිවරණය දුන් පොරොන්දු ඉටු කරන බව කිව්වත් ඒ කරන්නේ කොහොමද කියලා වචනයක්වත් එහි සඳහන් වුණේ නැහැ. රසායනික පොහොර ගැන, ජීවන වියදම අඩු කිරිම ගැන, ගෑස් ප්‍රශ්නය, විදුලිය ඉන්ධන ප්‍රශ්නය, ණය ගෙවන විදියක් ගැන කතා කරයි කියලා අපි හිතුවා. නමුත් ඒ ගැන කිසිදු සඳහනක් එහි තිබුණේ නැහැ. කිසිම ප්ලෑන් එකක් නැහැ. මේ ආණ්ඩුව එදා වේල ටුවර්ස් යන්නේ. උදේට නැගිටලා කල්පනා කරනවා අද කොහොමද සල්ලි හොයන්නෙ කියලා. අපේ මිනිස්සු ජීවත් කරවන්න ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා. කිසිම පාලනයක්, සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා.

Related posts

ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු තලේබාන් පාලනය යටතේ සිටින්නට කැමැත්ත පළ කරයි

colombotoday

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin

ගෝඨා හමුවීම එජාප මන්ත්‍රීන්ට තහනම්

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ ‘දෙමළ ඩයස්පොරා‘ සැණකෙළිය අත්හිටුවයි…

colombotoday

නීතිඥ සංගමයේ අයථා මුදල් පරිහරණය ගැන විමර්ශන ඇරැඹෙයි

Admin

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday