Colombo Today Local News

වටවල පාසලක හදිසියේ ලෙඩ වුණු ළමුන් 12ක් රෝහල් ගත කරයි

ක්ලාන්ත තත්ත්වයක් ඇති විම හේතුවෙන් පාසල් ළමුන් 12 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත (18) දින ඇතුලත් කල බව වටවල බින්ඔය දමිල මහ විද්‍යාලයේ විදුහල්පතිනිය පවසයි.

එම විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 07 දෙනෙකු සහ සිසුවියන් 05 දෙනෙකු වරින් වර ක්ලාන්ත තත්ත්වයක් ඇතිවිම හේතුවෙන් රෝහල් ගත කල බවත්, රෝහල් ගත කල සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි විදුහල්පනිතිය කියා සිටියේ

වටවල ප්‍රදේශයට මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස ළමුන්ට ක්ලාන්තය ඇති විමට හේතුව වි ඇති බවයි විදුහල්පතිනිය කියා සිටින්නේ.

රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු සිසු සිසුවියන් අතරින් සිසු සිසුවියන් 08 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද විදුහල්පතිනිය පැවසිය.

Related posts

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

colombotoday

කොටි සැමරීම දෙමළ ජනතාවගේ මූලික අයිතියක්.. ඊට වාරණ දාන්න එපා. – TNA ජනපතිට ලියයි

colombotoday

‘ආශාවරී’ කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නෑ

Admin

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

colombotoday

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday