Colombo Today Local News

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් එජාප තුළ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට යන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එජාප සභාපති තනතුරෙන් මලික් සමරවික්‍රම ඉවත්කර එම තනතුරට කබීර් හෂීම් පත් කිරීමටත්, පුරප්පාඩුවන මහ ලේකම් තනතුරට අකිල විරාජ් කාරියවසම් පත් කිරීමටත් සූදානමක් ඇති බවයි සදහන් වන්නේ.

පක්ෂයේ මුල්පුටු රැසක් වෙනස්වීමට ඉඩඇති බවටද සදහන් වන අතර නියෝජ්‍ය නායක තනතුර මෙන්ම නායකත්ව මණ්ඩලය අහෝසි කිරීමටද යෝජනා වි ඇතැයි මීට පෙර වාර්තා පල විය.

කෙසේ වෙතත් පක්‍ෂ නායකත්වය තව දුරටත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දරණු ඇති අතර පසුගිය දිනෙක ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ ජේ.ආර් ගේ එජාපයේ එකම ස්පෙයා වීල් එක තමන් බවයි.

Related posts

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියකට වැසේ

colombotoday

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් තියයි

colombotoday

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණයක්

Admin

ආහාර විෂ වී නානුඔය සිසුන් 31ක් රෝහලේ

Admin