Colombo Today Local News

හදිසියේම කොළඹ නගරයේ ආරක්ෂාව තර කරයි

අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන්කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එසේම මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයන් සෙවීම සඳහා කොළඹ නගරයේ ස්ථාන රැසක බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

එසේම ස්ථීර සහ විටින් විට විශේෂ මාර්ග බාධක යෙදීමටද කටයුතු යොදා ඇත.

Related posts

ආර්යාව භාර්යාව කතා කිවුවට ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක. හරින් ප්‍රනාන්දු

colombotoday

නාරාහෙන්පිට අභයාරාමයට තහංචියක්.. මින්පසු දේශපාලන කටයුතු තහනම් !

colombotoday

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

‘මහින්ද අමරවීර දකුණේ ශක්තිමත් නායකයෙක් කරනවා.. ඊළග සුදුස්සාට පාර කපා දියයුතුයි‘ – ජනපති

colombotoday

රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

colombotoday