Colombo Today Local News

තිදරු මවකගේ අසම්මත පෙම මරණින් කෙලවර වෙයි

ආරච්චිකට්ටුව පොලිස් වසමේ අඩිප්පල – බෝපත්ගම ප්‍රදේශයේදී සිදුවූ පිහි ඇනුමකින් කාන්තාවක් මියගොස් තිබේ.

අදාළ කාන්තාවගේ අනියම් සැමියා විසින් එල්ලකළ පිහි පහරකින් එම කාන්තාව මියගොස් ඇයගේ නීත්‍යානුකූල සැමියා තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

බරපතළ තුවාල ලැබූ කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

පොලිසිය පවසන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවූ තිදරු මවක් බවය.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව තමන්ගේ නිවසට ආසන්නයේ පදිංචිව සිටි සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇයගේ සැමියාද මේ බව දැන සිට ඇති නමුත් එයට විරෝධතාවයක් පළ කර නොමැති බවය.

පසුගිය දිනක මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාව සැකකාර අනියම් සැමියා මිහින්තලය ප්‍රදේශයට ගොස් ඇත.

පසුව ඇය සැකකරු සමග නැවත නිවසට පැමිණි අවස්ථාවේදී කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා ඊට විරෝධය පළ කිරීමත් සමඟ බහින්බස්වීමක් ඇතිවී තිබේ.

එම අවස්ථාවේදී සැකකාර අනියම් සැමියා විසින් මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට තියුණු ආයුදයකින් පහර දී ඇති බව අනාවරණය වී ඇත.

අනතුරුව දෙදෙනා ප්‍රතිකාර සඳහා හලාවත මහරෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

Related posts

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුකළ දැනට ජීවත්ව සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ශ්‍රීලනිප – එජාප කපුකමට රන්ජන් ජනපති හමුවෙයි.. “රනිල් බෑ“ ජනපති කියයි !!

colombotoday

නිශ්ශංකමල්ල රාජ්‍ය සභාව ඩෝසර් කර පෙම් උයනක් හදයි

colombotoday

යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිගේ සිකුරිටි ඒකකයක්? පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ.

colombotoday

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday