පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ජ්‍යේෂඨ මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරියන්ට සිදුවූ බව කියන ලිංගික අඩන්තේට්ටම් පිළිබදව යම් පැමිණිල්ලක් වෙතොත් වහාම කථානායක වරයාට පැමිණිලි කරන ලෙසත්, එවැනි සිදුවීම් තහවුරු වුණහොත් තරාතිරම නොබලා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් කථානායක කාර්යාලය නිවේදනය කරයි.
එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.
“මෙම වාර්තාව පිළිබදව කථානායකතුමා දැඩි අවධානය යොමුකර ඇති අතර අද උදෑසනම ඉහත කාරණය පිළිබදව පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වගකිවයුතු බලධාරීන් වෙත කිසියම් මන්ත්‍රීවරියක් විසින් කර තිබේදැයි විමසා බලන ලදි. දැනට එවන් පැමිණිල්ලක් එම කිසිවෙක් වෙත ලැබී නොමැත. එමෙන්ම කථානායකතුමා හෝ නියෝජ්‍ය කථානායකතුමා වෙත ද දැනට එවන් පැමිණිල්ලක් ලැබී නොමැති. කෙසේ වෙතත් මේ පිළිබදව තවදුරටත් සොයා බලනු ඇත.
එමෙන්ම උක්ත කරුණට අදාළ යම්කිසි පැමිණිල්ලක් වෙතොත් අදාළ මන්ත්‍රීවරියන්ට වහාම කථානායකතුමා වෙත පැමිණිලි කරන ලෙස දන්වා සිටින අතර එවන් අප්‍රසන්න සිදුවීමක් පිළිබදව කරුණු තහවුරු වුවහොත් පක්ෂය තරාතිරම නොබලා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කථානායකතුමා පසුබට නොවන බව ද වැඩිදුරටත් දන්වා සිටිනු ලැබේ”