Colombo Today Local News

දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 100 කින් ඉහළට

දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 100 කින් පමණ ඉහළ ගොස් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

සාමාන්‍ය දිනක ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 500ක් පමණ වුවත්, මේ දිනවල ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 600 ඉක්මවා ඇති බව එම සංස්ථාව සඳහන් කරයි.

කෙසේ වෙතත්, හිඟයකින් තොරව භූමිතෙල් වෙ⁣ළෙඳපොළට මුදා හැරීමට පියවර ගෙන ඇතැයි එම සංස්ථාව පවසයි.

ධීවර ප්‍රජාවට අවශ්‍ය තෙල් ප්‍රමාණය ද එලෙසම සපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

කොළඹ සහ ධීවර කර්මාන්තය ආශ්‍රීත ප්‍රදේශවල දෛනික භූමිතෙල් ඉල්ලුම අනපේක්ෂීත ලෙස ඉහළ ගොස් ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් අවධාරණය කර සිටි.

Related posts

ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍යත් සොරකම් කරලා.

Admin

ජේ.ආර්. පුත්, STF නිර්මාතෘ රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin

බිම්බෝම්බ ඉවත්කිරීමට වාර්ෂික අවබෝධතා ගිවිසුමක්

colombotoday

මැල්සිරිපුරේ සන්සුන්වූ නගරය නොසන්සුන් කළ ත්‍රස්ත සොරකම

Admin

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday