Colombo Today Local News

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

කිලිනොච්චිය,පරන්තන්, උමයාල්පුරම් හි අබිලි යකඩ කොටස් කිරීමේදී පිපිරීමක් සිදුවූ නිවස (07) දිනසිදුකළ සෝදිසියකදී පුපුරානොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාල නිවස රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාකළ අතර එහිදී මෙම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගය හමුවී තිබේ.

මෝටාර් උණ්ඩවලට අමතරව හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්ද හමුවූ බව පොලිසිය පැවසීය.

පසුගිය 05 වැනිදා එම නිවසේ අබිලි යකඩ සඳහා මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් කොටස් කරමින් සිටියදී එය පිපිරී 25 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර 13 හැවිරිදි දරුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අදාල නිවස සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය පවසා සිටියේ හමුවූ සියලු මෝටාර් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය අධික ලෙස දිරාපත්ව දැඩි අවධානම් මට්ටමක පැවති බවයි.

මියගිය තරුණයා ජීවිත අවදානම නොතකා මෝටාර් උණ්ඩ කැබලිකිරීමට උත්සහ ගෙන ඇති බවත් එහිදී පුපුරාගොස් ඇති බවද පොලිසිය පැවසීය.

හමුවු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.

Related posts

විදුහල්පතිවරයෙකුගෙන් ලක්ෂ 202ක් ලබා ගැනීම : පොලිස්පතිගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

colombotoday

වසන්ත මුදලිගේ,ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්

colombotoday

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.

colombotoday

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday

දමිළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරන්න වැඩ පිළිවලක්

colombotoday