Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහලට

පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලංකාව වෙනත් රටවලට සාපේක්ෂව නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද (01) ට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය ට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

“අසමානකම් දුරුකර ඒඩ්ස් අවසන් කරමු, වසංගතය පරදවමු.” යන්න මෙවර ඒඩ්ස් දින තේමාවය.

2020 වසර තුළ නව ඒඩ්ස් ආසාදිතයින් 363ක් මෙරටින් වාර්තා වී තිබේ.

2019 වසර තුළ වාර්තා වූ රෝගීන් ගණන 439කි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැනවු සංචරණ සීමා හේතුවෙන් ඒඩ්ස් පරීක්ෂණ අඬාල වීම හේතුවෙන් 2019 වසරට සාපේක්ෂව 2020 දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් සම්ප්‍රේෂණයේ ප්‍රධාන ආකාර ලෙස අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හඳුනාගෙන තිබේ.

මෑත කාලිනව පිරිමි සම ලිංගික සබඳතා හේතුවෙන් HIV වාර්තාවීමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වාර්තාවන ආසාදිතයින්ගේ වැඩි සංඛ්‍යාවක් පිරිමි වන අතර අනුපාතයක් ලෙස සැලකීමේ දී පිරිමි 5කට කාන්තාවන් 1 අයෙකු ලෙස දැක්වේ.

පවතින ප්‍රතිකාර හේතුවෙන් ඒඩ්ස් පාලනය කළ හැකි දිර්ඝ කාලීන රෝගී තත්ත්වයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව තුළ HIV පරීක්ෂණ සහ සත්කාර සේවා රට පුරා ස්ථාපිත ලිංගාශ්‍රිත රෝග සායන 41ක් මඟින් සපයනු ලැබේ.

HIV පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට www.know4sure.lk වෙබ් පිටුව මඟින් හමුවීමක් වෙන්කරවා ගත හැකිය.

එමෙන්ම 0703 633 533 / 0112 667 163 යන දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර ලබා ගත හැකි අතර, HIV ස්වයං පරීක්ෂණ අවශ්‍ය නම් 0716 379 192 යන දුරකථනය අංකය මඟින් ද ලබාගත හැකිය.

Related posts

අලුත් බදු වලින් නෙට් බිල්, දුරකථන බිල්, විදුලි බිල් වැඩිවන සූත්තරේ මෙන්න

colombotoday

මහින්ද තිරුපති ගිය ජෙට් එක දුන් වේලුපිල්ලේ කනනාදන් නොහොත් කන්නා ගේ පැටිකිරිය

colombotoday

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජන නැවතත් ?

Admin

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

colombotoday

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday