Colombo Today Local News

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය.

විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණි.

සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්ද විමසීම ආරම්භ වූයේ පස්වරු පහට පමණය. මැතිසබයේ ඉලෙක්ට්‍රෝනික ඡන්ද ගණනය කිරීමේ පද්ධතිය ඔස්සේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සිදු කෙරිණ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වැනිදා සිකුරාදා ඉදිරිපත් කරනු ලැබීය.

ඉන්පසු අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 13 වැනිදා සෙනසුරාදා සිට ආරම්භ කෙරිණ.

මේ අනුව දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු දින ගණන 7කි.

දෙවැනි වර කියවීමේ විවාදය අවසන් වීමෙන් පසු අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය
අද( 23) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10වැනිදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ.

Related posts

සහජීවන ගුටි කෑ සිසුන් බලන්න ආණ්ඩුකාරවරයා යයි.. සංහිදියාව රකින හැටිත් කියා දෙයි !

colombotoday

ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ නමටත් ශ්‍රීපාද රක්ෂිතයේ ඉඩම් !

colombotoday

අයවැය ප්‍රකාශය : භාවිතා නොකරන ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදාගැනේ

Admin

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැස්වෙයි. පළමු වරට අගමැතිත් එයි

colombotoday

IMF සඳහා කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ – ජනපති

Admin