Colombo Today Local News

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

නවක සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ ජාතික වැඩසටහන හෙට (21)දිනයේ සිට පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ හෙට සිට ලබන 27 වන දින දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

මෙහිදී ශාසනික වත්පිළිවෙත්, ඇවතුම් පැවතුම්, විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දායක කාරකාදීන්ට සිදුකළ යුතු යුතුකම්, ශාසනික කාර්යභාරය, සුපසන් භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සකස් වීම වැනි කරුණු යටතේ නවක සාමණේර ස්වාමීන් වහන්සේ සඳහා ප්‍රායෝගික පුහුණුවක් පැවැත්වීමට නියමිතය.

Related posts

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

colombotoday

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

Admin

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

colombotoday

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday