Colombo Today Local News

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කළ මුදල මදි

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කළ මුදල මෙවර අයවැයෙන් රුපියල් බිලියන 67 කින් අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (16)දින පැවසීය.

මුදල් ඇමතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට පිළිතුරක් දිය යුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

පසුගිය අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබූ නමුත් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 234ක් පමණක් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ අනුව බිලියන 67 ක මුදලක් අඩු කර තිබෙන බව සඳහන් කළේය.

මෙලෙස මුදල් අඩු කර කොරෝනා හෝ වෙනත් වසංගතයක් පාලනය කෙරෙන්නේ කෙසේදැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

Related posts

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

colombotoday

ඉන්දියානු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට.. ජනපති මෛත්‍රී ගැන කියා ඡායාරූපයක් පෙන්වයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday