අධික වර්ෂාවෙන් හා ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පැවසුවේ, එම සියලු කුඹුරු ඉඩම්වලට සහන ලබාදීමට කටයුතු කරන බවයි.
ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ගොවිජන සංවර්ධන නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
සූම් තාක්ෂණය ඔස්සේ දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරින් සමග පැවති සාකච්ඡාවේකදී අමාත්‍යවරයා පැවසුවේ වර්ෂාවෙන් හානි වූ කුඹුරු ඉඩම් යළි අස්වැද්දීම සඳහා බිත්තර වී හා කාබනික පෙහොර ලබාදීමට අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කර ලබා දෙන ලෙසයි.