වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට සිට ඇරඹේ.
අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති.
දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි.
පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත් වර්ගයකින් වුව ද තුන්වෙනි මාත්‍රාව ලෙස ලබා ලබාදෙන්නේ ෆයිසර් එන්නත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.