Colombo Today Local News

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබුණත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතින බව කී ජනාධිපතිවරයා එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකි බව ද සඳහන් කළේය.

ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන හානිය බරපතළ බව විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු යැයි ද ජනාධිපතිවරයා කීව්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී අද (10) පෙරවරුවේ පැවති උත්සවය අමතමිනි.

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී ඇති අතර එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බවත්, එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ජනතාව ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබූ බවත්, එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක් බවත් කී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වන වර්තමාන අවශ්‍යතාවයක් බව ද කීවේය.

Related posts

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

colombotoday

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

“ලියුම් දුන්න ඇමති කිරිඇල්ල වැරදී නෑ.. වරද ලියුම ගත්ත එකාගෙයි.. ඒකා විශ්වවිද්‍යාලය පැත්තට වද්දගන්න හොද නෑ” – සරත් විජේසූරිය

colombotoday

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

colombotoday