Colombo Today Local News

වෙළද ඇමති බන්දුලගේ තවත් නීති විරෝධී වැඩක් රන්ජිත් විතානගේ හෙළිකරයි.

සතොස අලෙවිසැල් හරහා සීනි හා සහල් මිලදී ගැනීමට නම් වෙනත් භාණ්ඩ මිලදී ගතයුතු බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගියදා කළ ප්‍රකාශය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතට සම්පූර්ණ පටහැනි ප්‍රකාශයක් බවත් කිසිදු කොන්දේසියක් දමා භාණ්ඩ විකිණීම උක්ත නීතියෙන් තහනම් කොට ඇති බවත් කොන්දේසි දමා භාණ්ඩ විකිණීමට වෙළද ඇමතිගේ උත්සහය නීති විරෝධී බවත් පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්…

“ඒ පිළිබදව 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තියේ පැහැදිලිව සදහන් කර ඇත. පනතේ එසේ සදහන්ව තිබියදී එම නීතිය උල්ලංඝණය කිරීමට උත්සහකිරීම අප සංවිධානය දැඩිව හෙළාදකින අතර ‌2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත හොදින් කියවන ලෙස අප වෙළද අමාත්‍යවරයාට අවධාරණය කරන අතර මීට පෙර සතොස ආයතනය පාරිභෝගිකයින්ට කොන්දේසි දමා භාණ්ඩ අලෙවි කිරීමක් පිළිබදව අප විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය විසින් දඩ නියමකර ඇත.”

“කිසියම් වෙළෙන්දෙකු හෝ ආයතනයක් භාණ්ඩ අලෙවි කිරීමේදී කුමන හෝ කොන්දේසියක් දමන්නේනම් පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට පැමිණීල කරන ලෙස අප පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.”

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තිය

“ගැණූම්කරු විසින් භාණ්ඩයෙහි මිල නොපමාව ගෙවිය යුතු යුතුය යන කොන්දේසිය හැර වෙනත් යම් භාණ්ඩයක් මිලට ගැනීම නියම කිරීමේ හෝ යම් සේවාවක් වෙනුවෙන් යම් ගෙවීමේ කිරීමේ කොන්දේසියකට හෝ වෙනත් යම් කොන්දේසියකට හෝ යටත්ව ඒ් භාණ්ඩය විකිණීම සදහා ඉදිරිපත් කිරීම නොකළයුතුය.”

Related posts

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

Admin

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

colombotoday

උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගයෙන් විශ්වාසභංග යෝජනාවක්

colombotoday

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

“ඡන්දෙට කලින් අලුත් පක්ෂේ කට්ටියක් හිරේ.. එනිසා ඡන්දෙ ගැන අපට බයක් නෑ“ – නි.ඇමති අජිත්

colombotoday

විජේවීර හා මාක්ස්වාදය අතහැර බුදු මගට පිලිපන් විප්ලවවාදියා..!!!

colombotoday