Colombo Today Local News

දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් රුක්‍ රෝපණ වැඩසටහනක්

යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිපත් කිරිම සඳහා රුක්රෝපණ වැඩසටහනක් අද (23)දින ආරම්භ කෙරේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඉපලෝගම රක්ෂිතයේදී අද සිට මෙම රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අක්කර 80.5ක භුමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් දිනක් තුළ පැළ 25,930ක් රෝපණය කිරීමට එහිදී සැලසුම් කර ඇත.

“හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව “සෑම රණවිරුවෙක් සඳහාම ගසක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී කර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක්

Admin

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin

චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට !

colombotoday