Colombo Today Local News

ජපාන තානාපති අකිරා සුගියාමා විපක්ෂ නායක හමුවෙයි

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

කොරෝනා මර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මගින් දක්වන උපකාර කෙරෙහි සියකෘතවේදීත්වය පිරිනැමීමට විපක්ෂ නායකවරයා එහිදී පියවර ගනු ලැබීය.

සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවත් ඒ හරහා “හරිත ව්‍යාපෘතිය”, හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන ඇතුළු ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ඒ සදහා අවශ්‍ය අඅනුග්‍රහය ලබා දෙන ලෙසද විපක්ෂ නායකවරයා ජපාන තානාපතිතුමන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

ඒ පිලිබදව ස්වකීය විශේෂ අවධානය යොමුකරන බව පැවසූ තානාපතිතුමන් ඒ සදහා අනුග්‍රහය ලබා දෙන බවද පැවසීය.

දශක ගණනාවක් ඈතට දිවෙන ද්වීපාර්ශවීය සබදතා පිලිබදව තානාපතිතිවරයා විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.

Related posts

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday

හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන ඇමතිලා මෙන්න.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

colombotoday

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

“රන්ජන් කළේ පට්ටපල් බොරුවක්.. ඩිෆෙන්ඩරයේ ලියකියවිලි මා සතුයි” නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin

ගෙවල් බින්ද පොතුවිල කළුවා මාට්ටූ

Admin