Colombo Today Local NewsUncategorized

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශී‍්‍ර ලංකාවට හදිසි කොවිඞ් – 19 ආධාර වශයෙන් අමතර ඩොලර් මිලියන 2.5 මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය හරහා මෙම අමතර මුදල ලබා දෙන බව ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ රීඞ් ඈෂ්ලිමන් මහතා සඳහන් කරයි.

මෙම මුදල් පරිත්‍යාගය ශී‍්‍ර ලංකාවේ ඔක්සිජන් පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය සේවා ආයතන තුළ ආසාදනය පාලනය සඳහාත් පුද්ගල රක්ෂණ උපකරණ කට්ටල ලබා දීමටත්, සෞඛ්‍ය සේවකයින් සඳහාත් උපකාරයක් වනු ඇති බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

එසේම එන්නත් බෙදාහැරීම සම්බන්ධීකරණය කිරීමටත්, ෆයිසර් එන්නත ගබඩාකරණය හා ශීතාගාර පහසුකම් ලබාදීමත් සහ එන්නත්කරණය සිදුකිරීම සඳහා කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහාත් මෙම කොවිඞ් ආධාර මුදල යොදාගනු ඇති බව ද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා.” – පා.ම දිලිප් වෙදආරච්චි

colombotoday

ඉන්ධන නැති නිසා බස් ගමන්වාර සියයට 50 කින් අඩු කරයි

colombotoday

මංගලගේ ‘මීහරක්‘ කතාවට පාර්ලිමේන්තුව ගිනියම් කරමින් විමල් දුන්න පිළිතුර (Video)

colombotoday

නියෝජ්‍ය ඇමති රන්ජන්ට වැඩ වරදින ලකුණු…

colombotoday

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

colombotoday

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

colombotoday