Colombo Today Local NewsUncategorized

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (15) පස්වරුවේ පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“කොරෝනා වසංගතය අවසන් වේගන එන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවේල කර්යාක්ෂම කිරීම වේගවත් කිරීම යන්න තමයි අපි සාකච්ඡා කළේ. ඒ අනුව, පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ සඳහා පක්ෂයේ සියලු අංශ ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙල තමයි සාකච්ඡා කළේ. බඩු මිල තත්ත්වය ඉතාමත්ම ඉහළ ගිහින් තියෙනවා. ජනතාව ඉතාමත් පීඩනයක ඉන්නේ. අසීරු තත්ත්වයක ඉන්නේ. ජනතාවගේ දුප්පත්කම දුගීකම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ තුල ජනතාවගේ ප්‍රශ්න ඉතාම උග්‍රයි. විසඳුම් දෙන්නට ඕනේ. හදිසි ක්ෂණික විසඳුම් ඇති කියලා මම විශ්වාස කරන්නේ නෑ. සැලසුම් සහගත ක්‍රමයකින් තමයි ඒවාට විසඳුම් තියෙන්නේ”

Related posts

අගරදගුරුගේ ප්‍රකාශයට ඇමති මංගල කිපෙන්නේ තමන් හැදු සමලිංගික පනත විසිකල නිසා..

colombotoday

ගෝඨාට එරෙහිව ඇමරිකාවේදී පැවරූ නඩුව විභාග කිරීම අවලංගු කරයි

colombotoday

මුස්ලිම් ජනතාව නොමග යවමින් බලයට පැමිණි නායකයින් තම ආණ්ඩුවේ ද සිටි බව අගමැති කියයි

colombotoday

වරාය සේවකයෝ පාරක් වහයි – කොළඹ කොටුව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක්

Admin

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

colombotoday

ගංඟා වල ජල මට්ටම් ඉහළට

colombotoday