Covid 19Uncategorized

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට යෝජිත ඩිජිටල් කාඩ්පත සකස් කර අවසන්

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට යෝජිත ඩිජිටල් කාඩ්පත සකස් කිරිමේ කටයුතු අවසන් කර තිබේ.

අදාළ කාඩ්පත නිකුත් කිරිම ඇතුළු ක්‍රමවේද සකස් කිරිම මේ වනවිට සිදු කරමින් පවතින බව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් ගතවීමට අපේක්ෂිත පුද්ගලයින් සඳහා අදාළ ඩිජිටල් කාඩ්පත නිකුත් කිරිම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ද, ඔහු සඳහන් කරයි.

ලේකම්වරයා පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ සහ කේත මත පදනම්ව අදාළ කාඩ්පත නිර්මාණය කර ඇති බවය.

කිසිදු පුද්ගලයෙකුට ව්‍යාජ කාඩ්පතක් සකස් කිරීමට නොහැකි වන පරිදි පූර්ණ ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව එම ඩිජිටල් කාඩ්පත නිර්මාණය කර තිබේ.

එමගින් QR කේතයක් මගින් තොරතුරු ගොනු කර ඇති බව ද ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරර්යි.

Related posts

නයනතාරාටත් කොවිඩ් පොසිටිව්

colombotoday

කොරෝනා 17 වන මරණය වාර්තාවේ

colombotoday

සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday