Colombo Today Local News

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩි වෙයි

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

දුම්රිය, බස්රථ අදී පොදු ස්ථානවලදී මෙන්ම නගරබදව මාර්ග තදබදයන්කූ පවතින ස්ථානවල දරුවන් රැගෙන සිඟමන් යදින්නන් හා එම වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හා එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන බවත් ඒ සඳහා පොලිසියේද සහය ලබාගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පියල් නිශාන්ත මහතා පවසයි.

Related posts

මරදානෙදි දුම්රියක් පීලි පනී – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

IMF විවාදය මැයි 4

colombotoday

වරායේ සිරවී ඇති කන්ටේනර් 800ක් මුදා හැරීමට ඩොලර් නිදහස් කරයි

colombotoday

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

ඒකීය ලේබලයෙන් එන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විමල්ගෙන් විවරණයක් !

colombotoday