World

මත්ද්‍රව්‍ය සමග ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඇතුළු දසදෙනෙක් අත් අඩංගුවට

බොලිවුඞ් සිනමාවේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඇතුළු දසදෙනෙකු අති සුඛෝපභෝගී මගී නැවක දී මත් ද්‍රව්‍ය භාවිතාකරමින් සාදයක් පවත්වමින් සිටියදී මුම්බායි මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ඊයේ රාත‍්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මුම්බායී සිට ගෝවේ බලා යාත‍්‍රා කරමින් තිබූ මෙම මගී නැවෙහි මොවුන් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සාදයක් පවත්වන බවට ලැබුණු තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.මේ වන විටද ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර බොලිවුඞ් සුපිරි නිළියන් කිහිප දෙනකුගේ ද දරුවන් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

මේ වසරේදී මාධ්‍යවේදීන් 65ක් මරා දමලා !

colombotoday

දෙවන වරටත් ඕස්ට්‍රේලියානු මැතිසබයට ගිය ලාංකික තරුණිය

Admin

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

colombotoday

දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට

Admin

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

ISIS කාර් බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 60 ක් මරුට – 80 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday