Colombo Today Local News

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

ඉතාලියේ නගර සභා මැතිවරණය සඳහා තරග වැදීමට ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලාංකිකයන් හයදෙනකුට අවස්ථාව උදා වී ඇත. මෙම අවස්ථාව ඔවුන් උදාකරගෙන තිබෙන්නේ ඉතාලියේ මිලානෝ සහ නාපෝලි නගරයේ ඡුන්ද කොට්ඨාශ වල තරග වැදීම සඳහාය.

ඉන් ශ‍්‍රී ලාංකිකයන් හතර දෙනෙක්ම මිලානෝ නගරයේ ඡුන්ද කොට්ඨාශ හතරක් සඳහා තරග වදින අතර දෙදෙනෙක් නාපොලි නගරයේ ඡුන්ද කොට්ඨාශයක් සඳහා තරග කිරීමට ඉදිරිපත් වී සිටිති.

ඒ අනුව අංක 07 කොට්ඨාශයට ධම්මිකා චන්ද්‍රසේකර, අංක 05 කොට්ඨාශයට රෝයි ගංගා, අංක 07 කොට්ඨාශයට කි‍්‍රස්ටෝපර් දඹගේ, සමස්ත කොට්ඨාශ 09 සඳහා කි‍්‍රස්ටිනා ගිත්මි මැතිවරණ තරග බිමට පිවිස ඇත.

සෙසු ශ‍්‍රී ලංකිකයන් දෙදෙනා වන ඇන්ජලි අලහකෝන් සහ රවින්ද්‍ර නාපොලි නගර සභාවට තරග වදිති.

ඉතාලියේ නගරසභා මැතිවරණයේ ඡන්ද විමසීම මෙම මස 03 දා සහ 04දා පැවැත්වෙන අතර ඉතාලි දේශපාලනයට සම්බන්ධ වීමට මෙම අවස්ථාව උදාකරගෙන තිබෙන්නේ විවිධ අවස්ථාවල ඉතාලියේ රැකියා සඳහා ශ‍්‍රී ලංකාවෙන් සංක‍්‍රමණයව පසු කාලීනව එරට පුරවැසිභාවය ලැබූ පිරිසක් වීම විශේෂත්වයකි.

Related posts

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

හක් බෙල්ලන් 14,163ක් ගබඩා කරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

විදේශ නායකයන් සමග මිතුරු වී කොටි පරාජය කිරීමේ ජාත්‍යන්තර යුද්ධයේයි අද මා ඉන්නේ

colombotoday

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday