Colombo Today Local NewsUncategorized

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

ලබන වසරේ ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු නොවන බවත් එතෙක් අඛන්ඩව තෙල් සැපයීමට සහිතක කර ඇති බවත් බලශක්ති ඇමැති නිතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

විපක්ෂය දිගින් දිගටම තෙල් හිඟයක් ඇතිවනු ඇති බවට සඳහන් කරමින් බොරු ප්‍රචාර නොකරන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ දෙන්නේ තෙල් හිගයකට බවත්, සීමිත විදේශ විනිමය ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සඳහා වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කළ නිසා ඉන්ධන හිඟයක් ඇති නොවුන බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බලශක්ති අමාත්‍යාංශයේදී අද (29)දින පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි.

ලබන දෙසැම්බර් මාසයේදී ඛනිජ තෙල් ගවේශනයට ලංසු කැඳවීමේදී හොඳ ප්‍රතිචාරයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම ලබන 2027 දක්වා ඇමරිකානු සමාගමකට ලබා දීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධකයක් වන බවත්, ඒ පිළිබද වන නිරීක්ෂණ තමා අමාත්‍ය මණ්ඩලයට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

විදුලිබලාගාර විශාල ගණනක් පුද්ගලික අංශයේ ආයෝජන මත සිදුවෙන බවත් ගැටලුව වන්නේ ශ්‍රීලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය වසර පහකට ඇමරිකාව හිමිව තිබීම බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

Related posts

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

ඇමරිකාව ආධාර කැපුවාට අපි බය නෑ.. පලස්තීනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා – රාජිත

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ජනපතිගේ අවසන් බලාපොරොත්තුව සුන්වෙයි !

colombotoday

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

ඉන්දියාවට රැකියා – අපට විරැකියා… ETCA හකුළා ගනිව් ! කොළඹදී දැවැන්ත විරෝධතාවක්

colombotoday