World

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගන් වැසියන්ට තහනම් කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ජනතාවට මෙම තහනම පවනා ඇති බව වාර්තා වෙයි.

නීති උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් අගනුවර කොණ්ඩා කපන ස්ථාන කිහිපයකට තලෙබාන් සංවිධානය විසින් මේ බව දැනුම්දී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත් තල‍ෙබාන් සංවිධානය ඔවුන්ගේ නීතිවලට විරුද්ධවන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙමින් සිටී.

පසුගියදා සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කර මාර්ගවල එල්ලා තැබීමට ද කටයුතු කර තිබුණි.

Related posts

කෘතීම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශ කරනවා – Elon Musk අනතුරු අඟවයි

Admin

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

colombotoday

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

colombotoday