Colombo Today Local News

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22)දින එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ ආරම්භ වුයේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෙට පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වැනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිතව ඇත.

මෙවර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම.. යන්නයි.

Related posts

සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

colombotoday

රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම ගැන මානව හිමිකම් වාර්තාව භාරදෙයි

Admin

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

ජනපති නියමයෙන් අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 195 ක්

colombotoday

කැබිනට් තීරණ

colombotoday