නිරෝධායන රීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුළ රථ වාහන 25 ක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.
පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 76,145 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.