ග්‍රාමීය සංවර්ධන කටයුතු වේගවත් කිරීමට අයවැයෙන් වෙන් කරන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට තීරණය කර තිබේ.
ඒ , මුදල් අමාත්‍යවරයා සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අතර පැවති වීඩියෝ සාකච්ඡාවකදී ය.
රැකියා උත්පාදනය , ජීවනෝපාය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මුදල් වෙන් කිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව එක් ග්‍රාම නිලධාරි වසමකට මෙවර අයවැයෙන් වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 200 කි.