Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරින් 200 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලබන 21 වැනිදා යොමු කිරීමට කටයුතු යොදා ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට මෙදින උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා යොමුකෙරේ.

මෙම පරීක්ෂණවලට යොමු කිරීමේදී කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වු සේවකයන්, පාර්ලිමේන්තු භෝජනාගාර යන්හි සේවක පිරිස්, ප්‍රවාහන අංශයේ සේවය කරන අය, පොදු ප්‍රවාහනවලින් පැමිණෙන සේවකයන් සහ ගෘහ පාලන හා නඩත්තු කටයුතුවල යෙදී සිටින පිරිස් කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සේවකයෝ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට මෙයට පෙරද යොමු කරනු ලැබූහ.

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා අඟහරුවාදා රැස්වීමට නියමිතය.

එදින මෙම පරීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කරන්නේ මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහා යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සේවකයෝ 50කට වැඩි පිරිසක් කොවිඩ් රෝගයට මෑත භාගයේදී ගොදුරු වූහ.

Related posts

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

colombotoday

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

colombotoday

දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

colombotoday