Colombo Today Local News

අධිවේගයේ යකඩ බට කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශය හරහා යන අධිවේගී මාර්ගයේ දෙපස දැල සවි කිරීම සදහා යොදා තිබෙන යකඩ බට කපා සොරකම් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.

එම බට මිලදී ගත් බව කියන පුද්ගලයකු ද පොලිස් භාරයට ගත් බවද පොලිසිය සදහන් කරයි.‍ෙ

එම අධිවේගී මාර්ගයට සම්බන්ධ තාක්ෂණ නිලධාරීවරයා කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වු බවත් පොලිසිය කීවේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මාබිම හා ගෝනවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් පොදු දේපල පනත යටතේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related posts

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

colombotoday

Online ඔස්සේ රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

“කොවිඩ්-19” හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂ දෙක ආසන්නයේ

colombotoday

“බැදුම්කර පත්තරේ“ අච්චු ගැසීම නවතා දමයි.. සේවකයන්ට පඩිත් නෑ…

colombotoday

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday