යුද අපරාධ චෝදනා එල්ලවූ මෙරට හමුදා නිලධාරීන් 28 කට එරෙහිව පරීක්‍ෂණ ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් 28 ලක්‍ෂයක මුදල ඊයේ (14)දින අනුමත කර ඇත.
ඹ
මෙම මුදලින් විනිසුරුවරු නීතිවේදීන් පරීක්‍ෂකවරුන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කෙරේ.
ජිනිවා මානව හිමිකම් කවුන්සිලය රටක හමුදා නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව විශේෂ කාර්ය මණ්ඩලයක් පිහිටුවා පරීක්‍ෂණ ආරම්භ කරන මුල්වතාව මෙයයි.
මෙම පරීක්‍ෂණ මණ්ඩලය ඔක්තෝම්බර් 13 දා සිය කටයුතු ආරම්භ කරනු ඇත.