Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආ බවට සැක අයෙක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රවය ලබා දීමට පැමිණි බව කියන පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අද (13)දින අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය මුහුණ ලා ඇති බේස්ලයින් මාවතේ පදික වේදිකාවේ සිට පුද්ගලයෙකු ඔත්තු බලමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටින බව බන්ධනාගාර වැඩ කණ්ඩායම් භාරව සිටි නිලධාරියෙකු බන්ධනාගාර අවි අංශය දැනුවත් කර ඇති බවත් ඒ අනුව මෙම පුද්ගලයා නිලධාරීන් භාරයට ගත් බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර අවි අංශ නිලධාරි කණ්ඩායම එම පුද්ගලයා රැදී සිටි ස්ථානයට යන විට එම තැනැත්තා බේස්ලයින් මාර්ගය හරහා කැම්බල් ක්‍රීඩාංගනය දෙසට දිව ගොස් ඇති අතර, නිලධාරි කණ්ඩායම සැකකරු පිටුපස ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

පසුව සිදුවීම සම්බන්ධව සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේ දී මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රවය ලබා දීමට පැමිණි බවත් පාපොච්චාරනය කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

සැකකරු සෝදිසි කිරිමේදී පාපොච්චාරණය කල ආකාරයට කිසිදු මත්ද්‍රව්‍යක් හමු වී නොමැති අතර, ජංගම දුරකථනයක් පමණක් ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව ද හෙතෙම පවසයි.

ඒ අනුව ඉදිරි විමර්ෂන කටයුතු සඳහා මෙම සැක කටයුතු පුද්ගලයා බොරැල්ල පොලීසියට බාරදුන් බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

අද නොකියාම අපි චීනයේ යටත් විජිතයක්.. චීනේ එක්ක මට තරහක් නෑ… මට කිව්වෙත් කොණ්ඩේ බැඳපු චීනා කියලා

colombotoday

සමගි ජන බලවේගයත් එකතු කරගෙන රනිල් ආණ්ඩුව එක්ක හැප්පෙන්න යයි.

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය. – කොටුවේ හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

colombotoday

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

colombotoday